ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති මහාකම්මට්ඨානාචරිය ත්‍රිපිටකාචාර්ය අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් විසින් නොයෙක් විට දෙශිත ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ පිරිත් පොදු ජන හිතසුව පිණිස ධර්ම දාන ලෙස අන්තර්ජාලය හරහා විසිරුවා හැරීමේ බලාපොරොත්තුවෙන් මේ බ්ලොග් අඩවිය ආරම්භ කළෙමු. සසර වැඩ කැමැත්තෝ මේ දහම් අසා අමා මහ නිවන් මගට පැමිණීමට මේ අන්තර්ජාල අඩවියද උපකාරී කරගනිත්වා..

Wednesday, September 7, 2011

දානානිසංස - 9 සො ඤාති ධම‍්මොච....

මිය ගිය ඥාතීන් හට පුණ්‍යානුමෝදනා කිරීම ශ්‍රේෂ්ඨ සිරිතක් බව පැහැදිළි කෙරෙන ධර්‍ම දේශනයකි. මිය ගිය ඥාතීන්ට දානය පින් අනුමෝදන් කිරීම ගැන දැන් දැන් සමාජයේ විවිධ වැරදි මති මතාන්තර පැතිරෙන බව පෙනේ. මෙවැනි වැරදි මතයන් බෞද්ධ සිරිත් විරිත් විකෘති කිරීම වැළැක්වීම පිණිස මෙවැනි ධර්ම දේශනා හේතු වේවා!

No comments:

Post a Comment