ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති මහාකම්මට්ඨානාචරිය ත්‍රිපිටකාචාර්ය අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් විසින් නොයෙක් විට දෙශිත ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ පිරිත් පොදු ජන හිතසුව පිණිස ධර්ම දාන ලෙස අන්තර්ජාලය හරහා විසිරුවා හැරීමේ බලාපොරොත්තුවෙන් මේ බ්ලොග් අඩවිය ආරම්භ කළෙමු. සසර වැඩ කැමැත්තෝ මේ දහම් අසා අමා මහ නිවන් මගට පැමිණීමට මේ අන්තර්ජාල අඩවියද උපකාරී කරගනිත්වා..

Friday, September 23, 2011

ධර්ම සාකච්ඡා - 1 කල්ප විභාගය

නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ විසින් කරන්නට යෙදුන ධර්ම සාකච්ඡාවකි. මෙම ධර්ම සාකච්ඡාවේදී උන්වහන්සේ බුදුරජාණන්වහන්සේ ගේ බුදු වදන් කෙබඳුද යන්න ගැන පැහැදිළි කරති. 
ලෝකයේ ආරම්භය කෙබඳුද, අවසානය කුමක්ද ආදී දේ පිළිබඳව බුදු රජාණන් වහන්සේ මනුෂ්‍යයාට දේශනය කළේ කුමන සීමාවන්ට යටත්වද එවැනි සීමා වල අවශ්‍යතාවය පිළිබඳවද ස්වාමීන්වහන්සේ පැහැදිළි කරති.

No comments:

Post a Comment