ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති මහාකම්මට්ඨානාචරිය ත්‍රිපිටකාචාර්ය අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් විසින් නොයෙක් විට දෙශිත ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ පිරිත් පොදු ජන හිතසුව පිණිස ධර්ම දාන ලෙස අන්තර්ජාලය හරහා විසිරුවා හැරීමේ බලාපොරොත්තුවෙන් මේ බ්ලොග් අඩවිය ආරම්භ කළෙමු. සසර වැඩ කැමැත්තෝ මේ දහම් අසා අමා මහ නිවන් මගට පැමිණීමට මේ අන්තර්ජාල අඩවියද උපකාරී කරගනිත්වා..

Thursday, December 22, 2011

භාවනා 4 - අනිත්‍ය භාවනාව

සියළු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යය බව සම්බන්ධයෙන් අධිගමයක් ලැබීමට අසමත්වූ භාවනානුයෝගීන් හට බුදු රජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද ගාථා තුනක් ඇසුරෙන් අනිත්‍ය භාවනාව සම්බන්ධයෙන් නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ දේශනා කරන ලද ධර්ම දේශනයකි.

Thursday, October 27, 2011

භාවනා -3 -මෛත්‍රී භාවනාවේ ආනිශංස

මෙම ධර්ම දේශනය මෛත්‍රී භාවනාවේ අනුසස් දක්වමින් බුදු රජාණන්වහන්සේ දේශනා කරන ලද ගාථාවක් ඇසුරෙන් මෙත්තා විහාරී අනුසස් ගැන දේශනා කරන ලද දේශනයකි. 

භාවනා -2- සක්මන් භාවනාව 2

භාවනා සම්බන්ධයෙන් අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ කරන ලද ධර්ම දේශනා අතුරෙන් මහා මංගල සූත්‍ර දේශනාවේ එන ගාථාවක් ඇසුරෙන් පොසොන් පොහෝ දිනෙක කරන ලද සක්මන් භාවනා උපදේශ සහිත ධර්ම දේශකයකි.

Tuesday, October 11, 2011

භාවනා -1 සක්මන් භාවනාව 1

සක්මක් භාවනාව පිළිබඳව නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ වෙසක් පොහෝ දිනෙක කළාවූ මෙම ධර්ම දේශනය භාවනා සම්බන්ධ ව කෙරෙන ධර්ම දේශනා කිහිපයක එකතුවක පළමුවැන්නයි.


Friday, September 23, 2011

ධර්ම සාකච්ඡා -2 පින සහ කුසලය, භික්ෂූන් වහන්සේට මුදල් කැපද, අග්‍ර ඵලය

පින සහ කුසලය දෙකක්ද එකක්ද, ධර්ම පූජාවට මුදල් කැපද නැත්ද, දානයේ අග්‍ර ඵලයට සුදුස්සෝ කවරහුද,  නියම චීවරයෙහි ලක්ෂණ මොනවාද ආදී සැකයට සහ විවාදයට මුල්වූ ධර්ම කරුණු පිළිබඳව නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් කරනු ලබන ධර්මානු කූල විවරණයකි.