ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති මහාකම්මට්ඨානාචරිය ත්‍රිපිටකාචාර්ය අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් විසින් නොයෙක් විට දෙශිත ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ පිරිත් පොදු ජන හිතසුව පිණිස ධර්ම දාන ලෙස අන්තර්ජාලය හරහා විසිරුවා හැරීමේ බලාපොරොත්තුවෙන් මේ බ්ලොග් අඩවිය ආරම්භ කළෙමු. සසර වැඩ කැමැත්තෝ මේ දහම් අසා අමා මහ නිවන් මගට පැමිණීමට මේ අන්තර්ජාල අඩවියද උපකාරී කරගනිත්වා..

Thursday, December 22, 2011

භාවනා 4 - අනිත්‍ය භාවනාව

සියළු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යය බව සම්බන්ධයෙන් අධිගමයක් ලැබීමට අසමත්වූ භාවනානුයෝගීන් හට බුදු රජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද ගාථා තුනක් ඇසුරෙන් අනිත්‍ය භාවනාව සම්බන්ධයෙන් නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ දේශනා කරන ලද ධර්ම දේශනයකි.

Thursday, October 27, 2011

භාවනා -3 -මෛත්‍රී භාවනාවේ ආනිශංස

මෙම ධර්ම දේශනය මෛත්‍රී භාවනාවේ අනුසස් දක්වමින් බුදු රජාණන්වහන්සේ දේශනා කරන ලද ගාථාවක් ඇසුරෙන් මෙත්තා විහාරී අනුසස් ගැන දේශනා කරන ලද දේශනයකි. 

භාවනා -2- සක්මන් භාවනාව 2

භාවනා සම්බන්ධයෙන් අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ කරන ලද ධර්ම දේශනා අතුරෙන් මහා මංගල සූත්‍ර දේශනාවේ එන ගාථාවක් ඇසුරෙන් පොසොන් පොහෝ දිනෙක කරන ලද සක්මන් භාවනා උපදේශ සහිත ධර්ම දේශකයකි.

Tuesday, October 11, 2011

භාවනා -1 සක්මන් භාවනාව 1

සක්මක් භාවනාව පිළිබඳව නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ වෙසක් පොහෝ දිනෙක කළාවූ මෙම ධර්ම දේශනය භාවනා සම්බන්ධ ව කෙරෙන ධර්ම දේශනා කිහිපයක එකතුවක පළමුවැන්නයි.


Friday, September 23, 2011

ධර්ම සාකච්ඡා -2 පින සහ කුසලය, භික්ෂූන් වහන්සේට මුදල් කැපද, අග්‍ර ඵලය

පින සහ කුසලය දෙකක්ද එකක්ද, ධර්ම පූජාවට මුදල් කැපද නැත්ද, දානයේ අග්‍ර ඵලයට සුදුස්සෝ කවරහුද,  නියම චීවරයෙහි ලක්ෂණ මොනවාද ආදී සැකයට සහ විවාදයට මුල්වූ ධර්ම කරුණු පිළිබඳව නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් කරනු ලබන ධර්මානු කූල විවරණයකි.

ධර්ම සාකච්ඡා - 1 කල්ප විභාගය

නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ විසින් කරන්නට යෙදුන ධර්ම සාකච්ඡාවකි. මෙම ධර්ම සාකච්ඡාවේදී උන්වහන්සේ බුදුරජාණන්වහන්සේ ගේ බුදු වදන් කෙබඳුද යන්න ගැන පැහැදිළි කරති. 
ලෝකයේ ආරම්භය කෙබඳුද, අවසානය කුමක්ද ආදී දේ පිළිබඳව බුදු රජාණන් වහන්සේ මනුෂ්‍යයාට දේශනය කළේ කුමන සීමාවන්ට යටත්වද එවැනි සීමා වල අවශ්‍යතාවය පිළිබඳවද ස්වාමීන්වහන්සේ පැහැදිළි කරති.

දානානිසංස - 18 සීතං උණ්හං...

ආවාස/ විහාරස්ථාන කරවා පරිත්‍යාග කිරීමේ අනුසස් පිළිබඳව ජේතවනාරාම පූජාව අරභයා බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද්දාවූ ධර්ම දේශනයක් ඇසුරෙන් නාඋයනේ අරිය ධම්ම ස්වාමීන්වහන්සේ සිදු කළ ධර්ම දේශනයකි.

දානානිසංස - 17 සබ්භි දානං උපඤ්ඤත්තං...

නා උයනේ අරියධම්ම මහනාහිමියන් විසින් සබ්බිදාන සූත්‍රයේ එය ගාථාවක් ඇසුරෙන් කරන ලද්දාවූ දානයේ අනුසස් ගැන කියැවෙන ධර්ම දේශනයකි.


Sunday, September 18, 2011

දානානිසංස 16 - ඒතේ තේ භික්ඛවේ...

බුදු රජාණන්වහන්සේ ඇසළ පොහෝ දිනක දෙසූ අනුත්තර ධම්මචක්කපවත්තන සූත්‍ර යේ ගාථා පාඨයක් ඇසුරෙන් නා උයනේ අරියධම්ම මහ නාහිමියන් වහන්සේ විසින් සිදු කළ ධර්ම දේශනයකි

Wednesday, September 14, 2011

දානානිසංස - 15 සබ්බ දානං ධම්ම දානං ජිනාති...

සියළුම දානයන් ඇසුරෙන් ධර්ම දානයම උතුම්ම බව කියැවෙන ප්‍රසිද්ධ ගාථාව ඇසුරෙන් නාහිමියන් සිදුකළ ධර්ම දේශනය. මෙලොව ඇති දානයන්, රස,ඇලීම්, ආදියෙන් කුමක් එකිනෙකෙහි උතුම්ම වන්නේ කුමක්දැයි දෙවියන් අතර පැන නැගුනු ප්‍රශ්ණය ගැන බුදු රජාණන්වහන්සේ මෙම ගාථාවදේශනා කළ සේක.

Monday, September 12, 2011

Friday, September 9, 2011

දානානිසංස 12 - ඒවං මහිද්දිකා ඒසා..

සැවැත් නුවර දී බුදු රජාණන්වහන්සේ දේශනා කළ නිධිකන්ද සූත්‍ර යේ අවසාන ගාථාව ඇසුරෙන් සිදු කළ ධර්ම දේශනයකි.

Wednesday, September 7, 2011

දානානිසංස - 11 වෙස්සන්තර ජාතකය 1

බෝසතුන් වහන්සේ දාන පාරමිතාව පිරූ ආකාරය පිළිබඳව වෙස්සන්තර ජාතකය ඇසුරෙන් කළ ධර්ම දේශනා වල පළමුවැන්න.

දානානිසංස -10 විච්‍යෙය දානං...

බුදු වීමෙන් සත් වන වර්ෂයේ ඇසළ පුර පසලොස්වක දිනක තව්තිසා භවනේදී කළාවූ ධර්ම දේශනය ඇසුරෙන් කළාවූ ධර්ම දේශනය.

දානානිසංස - 9 සො ඤාති ධම‍්මොච....

මිය ගිය ඥාතීන් හට පුණ්‍යානුමෝදනා කිරීම ශ්‍රේෂ්ඨ සිරිතක් බව පැහැදිළි කෙරෙන ධර්‍ම දේශනයකි. මිය ගිය ඥාතීන්ට දානය පින් අනුමෝදන් කිරීම ගැන දැන් දැන් සමාජයේ විවිධ වැරදි මති මතාන්තර පැතිරෙන බව පෙනේ. මෙවැනි වැරදි මතයන් බෞද්ධ සිරිත් විරිත් විකෘති කිරීම වැළැක්වීම පිණිස මෙවැනි ධර්ම දේශනා හේතු වේවා!

දානානිසංස - 8 සුනක‍්ඛත‍්තං සුමංගලං..

සුපුබ්බන්න සූත්‍ර දේශනාව. යහපත් උතුම් උදෑසනක් උදාවන ආකාරය පිළිබඳව විස්තර කරමින් දවස සාර්ථක කර ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනයක් ඇසුරෙන් කළාවූ ධර්ම දේශනයකි.

Monday, September 5, 2011

දානානිසංස -7 සීතං උණ‍්හං පටිහං ති..

භික්ෂු සංඝයාවහන්සේ උදෙසා සේනාසනයන් පූජා කිරීමේ මහත් ඵල ආනිසංස ගැන දැක්වෙන්නාවූ ගථා පෙළක් ඇසුරෙන් නාඋයනේ අරියධම්ම මහනාහිමියන් වහන්සේ කළාවූ ධර්ම දේශනය..

දානානිසංස 6 - එවං මහිද‍්ධිකා ඒසා යදිදං පුණ්‍ය සම්පදා..

දාන සීල භාවනා වශයෙන් කරන්නාවූ කුසල කර්මයන් ඇත්නම් ඒවා මහා සෘධි සම්පන්න බව දැක්වෙන ගාථාවක් ඇසුරෙන් මහනාහිමියන් කළ ධර්ම දේශනය

දානානිසංස - 5 ධීරං ඵස‍්සෙ සුනී ධීරං...

දාන පරමත්ත පාරමිතා පිරූ බෝධිසත්තවයන් එසේ පාරමිතා පිරූ ආකාරය ගැන දේශනා කළ ධර්ම දේශනාව.

දානානිසංස 4 - චත‍්තාරොච පටිපන‍්නො චත‍්තාරොච ඵලේ ඨිතා...

බුදු රජාණ්වහන්සේ වෙත පැමිණි සක් දෙවිඳුන් සැදැහැවතුන් ගේ පරිත්‍යාගයන් සහ එම පරිත්‍යාගයන් කවරෙක් හට කිරීමෙන් කවර ආකාරයේ ආනිසංස ලබාදෙන්නේ දැයි ඇසූ ප්‍රශ්නයක් ඇසුරෙන් දානයෙහි ආනිසංස පිළිබඳව නාඋයනේ මහනාහිමියන් පැවැත්වූ ධර්ම දේශනය..

Sunday, September 4, 2011

දානානිසංස 3 - ආයුං ආරෝග්‍යං වණ‍්ණං..

කෝසල රජතුමා හට බුදුන් වහන්සේ වදාල අප්‍රමාද සූත්‍රයේ ගාථා ආශ්‍රයෙන් කළ ධර්ම දේශනය.

දානානිසංස 2 - එවං‍ දස‍්සන ස‍්මපන‍්නො සම්මා ස‍්මබුද‍්ධ සාවකො..

කොසොල් රජ තුමාගේ සුමනා රාජකුමාරිකාව විසින් අසන්නට යෙදුනු ප්‍රශ්ණ සඳහා බුදු පියාණන් වහන්සේ දුන් පිළිතුරු ආශ්‍රයෙන් කල ධර්ම දේශනය..

දානානිසංස - 1 චිරප‍්ප වා තිං පුරිසං දූර‍ තො සොත‍‍්ති මාගතං..

තමා විසින් කරගන්නා ලද කුසල සම්භාරය ඒ ඒ තැනැත්තාට මතු භවයකදී සැප සම්පත් ලබා දෙන ආකාරය විස්තර කරමින් මුගලන් රහතන් වහන්සේ වෙත කල ධර්ම දේශනය ආශ්‍රයෙන් නා උයනේ අරියධම්ම මහ නාහිමිපාණන් වහන්සේ විසින් කළාවූ විචිත්‍ර ධර්ම දේශනය.


ධර්ම දේශනය බා ගැනීම සඳහා යොමුව