ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති මහාකම්මට්ඨානාචරිය ත්‍රිපිටකාචාර්ය අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් විසින් නොයෙක් විට දෙශිත ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ පිරිත් පොදු ජන හිතසුව පිණිස ධර්ම දාන ලෙස අන්තර්ජාලය හරහා විසිරුවා හැරීමේ බලාපොරොත්තුවෙන් මේ බ්ලොග් අඩවිය ආරම්භ කළෙමු. සසර වැඩ කැමැත්තෝ මේ දහම් අසා අමා මහ නිවන් මගට පැමිණීමට මේ අන්තර්ජාල අඩවියද උපකාරී කරගනිත්වා..

Friday, September 23, 2011

ධර්ම සාකච්ඡා - 1 කල්ප විභාගය

නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ විසින් කරන්නට යෙදුන ධර්ම සාකච්ඡාවකි. මෙම ධර්ම සාකච්ඡාවේදී උන්වහන්සේ බුදුරජාණන්වහන්සේ ගේ බුදු වදන් කෙබඳුද යන්න ගැන පැහැදිළි කරති. 
ලෝකයේ ආරම්භය කෙබඳුද, අවසානය කුමක්ද ආදී දේ පිළිබඳව බුදු රජාණන් වහන්සේ මනුෂ්‍යයාට දේශනය කළේ කුමන සීමාවන්ට යටත්වද එවැනි සීමා වල අවශ්‍යතාවය පිළිබඳවද ස්වාමීන්වහන්සේ පැහැදිළි කරති.

දානානිසංස - 18 සීතං උණ්හං...

ආවාස/ විහාරස්ථාන කරවා පරිත්‍යාග කිරීමේ අනුසස් පිළිබඳව ජේතවනාරාම පූජාව අරභයා බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද්දාවූ ධර්ම දේශනයක් ඇසුරෙන් නාඋයනේ අරිය ධම්ම ස්වාමීන්වහන්සේ සිදු කළ ධර්ම දේශනයකි.

දානානිසංස - 17 සබ්භි දානං උපඤ්ඤත්තං...

නා උයනේ අරියධම්ම මහනාහිමියන් විසින් සබ්බිදාන සූත්‍රයේ එය ගාථාවක් ඇසුරෙන් කරන ලද්දාවූ දානයේ අනුසස් ගැන කියැවෙන ධර්ම දේශනයකි.


Sunday, September 18, 2011

දානානිසංස 16 - ඒතේ තේ භික්ඛවේ...

බුදු රජාණන්වහන්සේ ඇසළ පොහෝ දිනක දෙසූ අනුත්තර ධම්මචක්කපවත්තන සූත්‍ර යේ ගාථා පාඨයක් ඇසුරෙන් නා උයනේ අරියධම්ම මහ නාහිමියන් වහන්සේ විසින් සිදු කළ ධර්ම දේශනයකි

Wednesday, September 14, 2011

දානානිසංස - 15 සබ්බ දානං ධම්ම දානං ජිනාති...

සියළුම දානයන් ඇසුරෙන් ධර්ම දානයම උතුම්ම බව කියැවෙන ප්‍රසිද්ධ ගාථාව ඇසුරෙන් නාහිමියන් සිදුකළ ධර්ම දේශනය. මෙලොව ඇති දානයන්, රස,ඇලීම්, ආදියෙන් කුමක් එකිනෙකෙහි උතුම්ම වන්නේ කුමක්දැයි දෙවියන් අතර පැන නැගුනු ප්‍රශ්ණය ගැන බුදු රජාණන්වහන්සේ මෙම ගාථාවදේශනා කළ සේක.